දුෂ්කරම මාර්ගයෙන් සිරිපා කරුණා කරමු

සිරිපා කරුණා කරන ප්‍රධාන මාර්ග දෙක හැරුනම තවත් මාර්ග කිහිපයක්ම තියෙනවා. මේ කියන්න යන මාර්ගය තමයි දුෂ්කරම මාර්ගය කියල කියන්නෙ.මොකද මේ ගමන ආගමික මුහුණුවරකට එහා ගිය ගමනක්. පරිසරයට ආදරය කරන  අය මේ පාරට ගොඩක් කැමති වෙයි. මොකද සොබාදහමේ අසිරිය විඳගෙන කැලයක් මැදින් යන්න තියන ගමනක් තමා තියෙන්නේ   ටිකක් අභියෝගාත්මක ගමනක්. ඒ මොකද කියල පසුවට කියන්නම්..

ගමන ආරම්භ කරන්න නම් උඩමාලිබොඩ කියන ගමට  එන්න වෙනවා. දැරණියගල ඉඳලා උඩමාලිබොඩට බස් රථ ධාවනය වෙනවා. නමුත් බස් රථ නම් හැම වෙලාවේම හොයාගන්න අමාරුයි.ඒක නිසා ටිකක් උදෙන්ම ගමන පටන් ගන්නවා නම් වැඩේ ලේසි වෙයි. උඩමාලිබොඩ තියන දික්ඇලකන්ද කියන සුන්දර ගමෙන් තමයි කැලයට අතුල් වෙන්න තියෙන්නේ. එතනට යන්නත් කිලෝමීටර් 3 ක්  විතර පයින් යන්න තියනවා.වෙලාව හොදයි නම් තේ දළු ලොරියක නැගලා යාගන්න පුළුවන් වෙයි. පන්දෙනිය ගඟ ලඟින් තමයි කැලෑ මාර්ගය පටන් ගන්නේ.

පන්දෙනිය ගඟ

සිරිපා වාරෙ පටන් ගන්න කොට නම් ගමේ අය එකතු වෙලා  පාර එලි පෙහෙලි කරනවා. ඒ නිසා පාර හොයා ගන්න එක ඒතරම් අමාරු නෑ.


කැලෑ මාර්ගය ඉවර කරල කුරුවිට පාරට එන්නම  පැය 8-10 ක් වගේ ගත වෙනවා.ඒක නිසා කැලයට උදේම ඇතුළු වෙන එක තමා නුවණට හුරු.මොකද කියනවා නම් අපි කියන මේ මාර්ගය වැටිලා තියෙන්නේ වල් අලි ගමන් කරන පාරවල් උඩින්.(මොකද අපි යනකොටත්  අලි විසින් මෑතකදී  කඩා දැමූ ගස් සහ අලුත්ම අලි බෙටි දැකගන්නට නම් තිබ්බා.)
රාත්‍රී කාලයේ කැලෑව තුල ගමන් කිරීම නම් දුෂ්කරයි.මොකද කියනවා නම් යන පාර උනත් හොයාගන්න එක ලේසි නෑ. පරිසරයේ සුන්දරත්වය විදින්න යන ගමනක් නිසා  එලිය තියන වෙලාවක යන එක තමා උචිතම.


පරිසරයේ සුන්දරත්වය විඳගෙන ඉදිරියට යනකොට දොල පාරවල් කිහිපයක් හමු වෙනවා. තරමක ලොකු ගඟක් හමු වෙනවා මේක තමයි කුරු ගඟ.මේක සීත ගගුළ කියලත් කියනවා . මෙතනින් පාර හොයා ගන්න ටිකක් අමාරුයි. ගඟ දිගේ ටිකක් ඉහලට යනකොට අඩි පාර හමු වෙනවා. මේක ටිකක් හොයා ගන්න අමාරුයි. ගඟේ ගල් වල ඊතල ඇඳල තියනවා. හොදින් නිරීක්ෂණය කලොත් නම් පේනවා.
 ගඟට පස්සෙ කැලෑව අලි ඇතුන්ගේ ක්‍රියාකාරී  කලාපයක්  බව දැක ගන්න පුලුවන්. ඒ ගැනත් කල්පනාවෙන් යන්න.
කියන්න අමතක වුණා. කූඩැල්ලන් නම් ආගන්තුක සත්කාර නොඅඩුව ලබා දෙනවා.

කුරුවිට පාරට සම්බන්ධ වුනාම මාර්ගය කැලෑව තරම් අපහසු නෑ. ඉදිරියට යනකොට රත්නපුර පාරත් කුරුවිට පාරත් එකට එකතු වෙනවා.

පරිසරය විනාස කරන අය මේ ගමන නොයන එක හොඳයි.
මේ වගේ තැන් මිනිස් ඇස නොගැටෙන තරමට සුන්දරත්වය රැකිලා තියේවි.
Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment