විදුලි බිල අඩු කර ගන්න සරල ක්‍රම 10 ක්

Electric Meter

විදුලිය දැන් කාටත් නැතිවම බැරි දෙයක්. එත් විදුලි බිල ආවම තමයි ඇස් උඩ යන්නේ. විදුලි බිල වැඩි වෙනවා කියලා විදුලිය පාවිච්චි නොකර ඉන්න පුලුවන් කමක් නෑ. විදුලිය කාර්යක්ෂමව, ඵලදායීව සහ අරපිරිමැස්මෙන් භාවිතා කිරීමෙන් විදුලි බිල අඩු කර ගන්න පුලුවන්.

1.සූත්‍රිකා විදුලි පහන් වෙනුවට, LED විදුලි පහන් භාවිතා කරන්න.

සාමාන්‍ය සූත්‍රිකා විදුලි බුබුළු වලට වඩා CFL සහ LED විදුලි බුබුළු සඳහා වැයවන විදුලි ප්‍රමාණය අඩුයි. LED විදුලි බුබුළු අනෙක් විදුලි බුබුළු වලට වඩා මිළ වැඩි වුවත් මාසික විදුලි බිල අඩු කර ගන්න වඩාත් සුදුසු වන්නේ LED විදුලි බුබුළු භාවිතා කිරීමයි.

2.අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න, දිවා කාලයේදී ස්වාභාවික ආලෝකය ප්‍රයෝජනයට ගන්න.

අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න. දිවා කාලයේ ස්වාභාවික ආලෝකය ප්‍රයෝජනයට ගැනීමට ජනේල් සහ තිර රෙදි හොඳින් විවෘත කරන්න. බිත්ති සහ තිර රෙදි සඳහා ලා වර්ණ යෙදීමෙන් වැඩි ආලෝකයක් ලබා ගත හැකිය. මීට අමතරව වහලයේ ආලෝක කවුලු තැබීමද කල හැකිය. නිවාස සැලසුම් කිරීමේදී ස්වාභාවික ආලෝකයෙන් වැඩි වාසි ගත හැකි ලෙස සැලසුම් කරන්න.

3.රෙදි මැදීමේදී වරින්වර විදුලි ස්ත්‍රික්කය භාවිතා නොකර එකවර අවශ්‍ය රෙදි මැදගන්න.

රෙදි මැදීම සෑම නිවසකම සිදුකරන දෙයක්. එය වැඩි විදුලි ප්‍රමාණයක් වැයවන කාර්යයක්. දින කිහිපයකට අවශ්‍ය ඇඳුම් එකවර මැදීම මගින් විදුලි බිල අඩු කර ගත හැකියි. ස්ත්‍රික්කය රත් වූ පසු මුලින් කපු රෙදි මැද ස්ත්‍රික්කයේ ස්විච්චය නිවා දමා සිනිඳු රෙදි මැදීම මගින් ද වැයවන විදුලි ප්‍රමාණය අවම කර ගත හැකිය. තෙත රෙදි මැදීම මගින් ද විශාල  විදුලි ප්‍රමාණයක් වැයවේ.

4.සිවිලිං පංකා වෙනුවට මේස හෝ සිටුවා තබන විදුලි පංකා භාවිතා කරන්න.

සිවිලිං පංකා වලට වඩා මේස සහ සිටුවා තබන විදුලි පංකා සඳහා වැයවන විදුලි ප්‍රමාණය අඩුයි. අවශ්‍යතාවය අනුව විදුලි පංකා වල වේගය පාලනය කර භාවිතා කරන්න. නිවස තුලට හොඳින් වාතාශ්‍රය ලැබීමට දොර ජනෙල් හොඳින් විවෘත කර තබන්න.

5.උණුසුම් ස්ථාන, උණුසුම් උපකරණ සහ හිරු රැස්  සෘජුව පතිත වන ස්ථාන වල ශීතකරණය තැබීමෙන් වළකින්න.

6.ශීතකරණය සහ බිත්තිය අතර අවම වශයෙන් අඟල් 10 ක පමණ පරතරයක් සිටින සේ ශීතකරණය තබන්න.

7.ශීතකරණය තුල උණුසුම් ආහාරපාන තැබීමෙන් වළකින්න.

ශීතකරණයට උණුසුම් අහාර දැමිය යුත්තේ කාමර උෂ්ණත්වයට පත් වූ පසුවයි. උණුසුම් ද්‍රව්‍ය කාමර උෂ්ණත්වයට පත් කරන්න විදුලිය වැය කරන්න අවශ්‍ය නෑ. උණුසුම් ද්‍රව්‍ය කාමර උෂ්ණත්වයට පත්වන තුරු පිටත තබන්න. කාමර උෂ්ණත්වයට (නිවුණු පසු) පත් වූ පසු ශීතකරණයට දමන්න. තෙත ආහාර පොලිතීන් වලින් වසා ශීතකරණයේ තබන්න.

8.ශීතකරණයේ දොර අරින වාර ගණන අවම කරන්න.

ශීතකරණයේ දොර අරින වාර ගණන ශීතකරණයේ විදුලි පරිභෝජනයට සෘජුවම බලපානවා. හැකිතරම් ශීතකරණයේ දොර අරින වාර ගණන අඩු කරන්න උත්සහ කරන්න. කුඩා ළමුන් සිටින නිවසක් නම් ඒ අය නිතරම ශීතකරණයේ දොර අරින එක වළක්වන්න දොර ලොක් කර තබන්න.

9.ශීතකරණයේ දොර බීඩිම් පිරිසිදු කරන්න, පලුදු වී ඇත්නම් අලුත්වැඩියා කරන්න.

ශීතකරණයේ දොර බීඩිම් අපිරිසිදු නම්, පලුදු වී ඇත්නම් එයින් ශීතකරණයේ ඇතුලත සිසිලස පිටතට කාන්දුවීමට ඉඩකඩ පවතිනවා. ශීතකරණය ඇතුලත සිසිලස පවත්වා ගැනීමට වැඩිපුර විදුලිය වැයවෙනවා. බීඩිම් පලුදු වෙලා නම් නම්‍යශීලී බව නැති වෙලා නම් බීඩිම් අලුතින් දමන්න. සති කිහිපයකට සැරයක් බීඩිම් පිරිසිදු කරන්න.

10.රූපවාහිනී සහ ගුවන් විදුලි යන්ත්‍ර භාවිතා නොකරන විට කෙවෙනියෙන් වසා දමන්න.

රූපවාහිනී සහ ගුවන් විදුලි යන්ත්‍ර භාවිතා නොකරන විට දුරස්ථපාලකයෙන් පමණක් වසා දමා දිගු වේලාවක් තැබීමෙන්ද යම් විදුලි ප්‍රමාණයක් වැයවේ. කෙවෙනියෙන් වසා දැමීමෙන් මෙසේ වැය වන විදුලිය ඉතිරි කර ගත හැකිය.
Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment