කමත් බස



  1. අරුව මුදුන් කිරීම - බැත ගොඩ ගැසීම
  2. අක්කියාල් - කමතේදී දෙවියන් සඳහා වෙන් කරන කොටස
  3. අක්වරුව (බොල් ගොඩ) - බොල් වී කන්ද
  4. අක්ලීය - පයින් ගොයම් පාගන විට කතිර දෙකක් සාදා ඒ මත තබන ලී දණ්ඩ
  5. අගවැන්න - ඇඟිටි වී
  6. අගස් දානය - අළුත් සහල් මංගල්‍යය (පලමුව වෙන් කරන කොටස බුදුරජාණන් වහන්සේට පූජා කිරීම
  7. අටුව - වී දැමීමට නිවසේ දුම් මැස්සේ ලෑලි වලින් සාදන පෙට්ටිය
  8. අතලය - කුඩා මුට්ටිය
  9. අත් මල්ල - පැල වී ඉහින පෙට්ටිය
  10. අසීරු - බැහැ
  11. අඬහැරය විකිලීම (ඕසේ ඇදීම) - ගොයම් පාගන සහ සීසාන විට ගයන ගීතිකා
  12. අඳ ගොවියා - කොටසක් ගැනීමට ගොවිතැන් කරන්නා
  13. අමුඩය - කුඹුරු වගාවේ දී යොදා ගන්නා ඇඳුම
  14. අරක් පොළ - කුඹුර මැද කමත සඳහා තෝරා ගන්නා ස්ථානය
  15. අරක් පොල් - දෙවියන් සඳහා වෙන් කරනු ලබන පොල් ගෙඩිය
  16. අරක්වල (මුත්තාවල) - කමත මැද සාදන වල
  17. අරක් පෙට්ටිය - ආරක්ෂක ද්‍රව්‍ය දමා කමත මැද තැබීමට ගෙන යන පෙට්ටිය
  18. අරක් නිදන් - හීරැස්ස, තොලබෝ, ඉළුක්, රඹුක්, යකඩ, හක් බෙල්ලා, කොලොඹ, පෝරුව, අරක් මුක්තා කමත මැද තැන්පත් කරන ගල
  19. අරක් නිදන් - හීරැස්ස, තොලබෝ, ඉළුක්, රඹුක්, යකඩ, හක් බෙල්ලා, කොලොඹ, පෝරුව, අරක් මුක්තා කමත මැද තැන්පත් කරන ගල
  20. අරක් ගල - කමත මැද තැන්පත් කරන ගල
  21. අළුවන් මංගල්‍යය - කමත මැද අළුවලින් යන්ත්‍ර ඇඳීම
  22. අළුබෝව - කමතට අළු ගෙන යන භාජනය
  23. අමකටුවුනා - කොළ මැඩවී නෑ
  24. අම්බරුවා (බොල්ලා) - කොළ මඩවන ගවයින්
  25. අරක් පොළ - හරක් බඳින කණුව
  26. ඇලි මෝල්කඩ (ගොන් මෝල්කඩ) - කමතේ වතුර බැස යන කානුව
  27. ඉස්සරයි - එපා
  28. ඉපනැල්ල - ගොයම් කැපූ පසු කුඹුරේ ඉතිරි වන කොටස
  29. ඉහ දෙනවා - අනිනවා
  30. එල අම්බරුවා - එල හරකා
  31. කැට වැලි ඇහිලීම - වී වල ඇති ගල් පස් ඉවත් කිරීම
  32. කටු පත් මල්ල - කමතේ වී දමන ගෝනිය
  33. කුරුණිය - වේවැල් වලින් සැකසූ වී මනින බඳුන
  34. කුඹල් ගෙඩිය - කලය
  35. කරකසබෝය - පැණි
  36. කට්ටුව - කුඩය
  37. කොටා බානවා - කෑම කනවා
  38. කයිබත - කුඹුරට ගෙනියන බත් මාළු පිණි
  39. කමත් ඇඹුල - කොළ පාගන දිනයේ රාත්‍රී ආහාරය
  40. කිරි කබලු - ආප්ප
  41. කහට බෝය - පුවක්
  42. කටුවන් (සුදුවා) - හුනු
  43. කහට ගෙඩි - කෙසෙල්
  44. කහප්න් ගෙඩි (කස පැන්) - කුරුම්බා
  45. කළු ගගුල - කෝපි
  46. කොල දින් කාලය - ගොයම් කපන කාලය
  47. කොල බඳිනවා - මිටි බැද කමතට ගෙන ඒම
  48. කමත ඇඹීම - කමතක් ලෙස සකස් කිරීම
  49. කමත් ආණ්ඩු කිරීම - චාරිත්‍ර වාරිත්‍ර පවත්වා ගෙන යෑම
  50. කොහොඹ පෝරුව - කමතේ ආරක්ෂාවට තබන යන්ත්‍ර
  51. කටු හත - කමතේ ආරක්ෂාවට තබන හක් බෙල්ලා
  52. කොළ එලීම - කමතට කොළ දැමීම
  53. කොළදින් රාල - කමතට ගොයම් දමන්නා
  54. කොලමාගල් - කමතේ එලන පැදුර
  55. කාටුවා - බැත සමඟ ඉතිරි වන කුඩා ගොයම් කැබලි
  56. කලාතයා - පිටින්ම ගමන් කරන ගවයා
  57. කොත් කිරීම - ගවයන් කමත මැදට ගැනීම
  58. කොලවලහන් - කොළ මැඩීමට දෙන වී පංගුව (හරක් අඳේ)
  59. ගරන රාල - බැත ගරා එන්නා
  60. ගොවිකම් කිරීම - මැනීමට වී කිට්ටු කිරීම
  61. ගොයිකම් කිරීම - වී මැනීම
  62. ගගුල බානවා (ගගුල කරුණා කරනවා) - වහිනවා
  63. ගෝමැරියා (සෝමාරියා) - කම්මැලියා
  64. ගොන් බත - ගොන් දක්නාට දෙන බත
  65. ගගුල - වතුර
  66. ගොල්ල - පිරිස
  67. ගම් අඳය - ඉඩම් හිමියාට ලැබෙන කොටස
  68. ගොවි රාළ - ගොවිතැන් කරන්නා
  69. ගොන් පාවිට - කමතේ වතුර බැස යන කානුව
  70. ගොන් මෝල - කමතේ වතුර බැස යන සිදුර
  71. ගොල ගොන් ගැසීම - ගවයින් ලවා කොළ පෑගීම
  72. ගලතනවා (ආදිනවා) - හරක් එකට ගැට ගැසීම
  73. ගොම් පස් - ගොම
  74. ගොම් පස් දානවා - හරක් ගොම දානවා
  75. ගොම් පස් රාජකාරිය - ගොම කමතෙන් ඉවත් කිරීම
  76. ගුගුරන් බෑම - හරක් කමතේ මුත්‍රා කිරීම
  77. තට්ටුපත් කොළ - කෑම ගන්නා කෙසෙල් කොළ
  78. තොඹුපිරිවැස්ස (කටකලියාව) - කරල් කනවාට කටට දමන තොණ්ඩුව
  79. දහ අට හොඳයි - අංක 19 වෙනුවට භාවිතා කරන වචනය
  80. දැඩියාව - අව්ව
  81. දඬුව - ගිනි දැල්ල
  82. දිය පිට පින්නා - කැවුම්
  83. දෑතුරයා - හරක් රැලේ මැද ගවයින්
  84. නියරය -  ලියැද්ද වටා ඇති බැම්ම
  85. නෙළුම් කයිය - ගොයම් කැපුමට එන පිරිස
  86. නෙළුනවා (ගොයම් ලියනවා) - ගොයම් කැපීම
  87. නිරි ගොයම - ඉපනැල්ලෙන් මතුවන ගොයම් පැල
  88. පාවර මැනීම -  මැඬවනු බැත මැනීම
  89. පවනී බානවා - කකුලෙන් ගොයම් පාගා පිඬුරු ඉවත් කිරීම
  90. පරුවත කැට - වී වලට මිශ්‍ර වී ඇති ලොකු ගල් කැට
  91. පිහාටු බරියා - කුකුලා
  92. පංජම - පුංචි
  93. පුබ්බරු - බත්
  94. පුබ්බරුවන් රැකෙනවා - බත් කනවා
  95. පෙදකොට්ටු - ඉඹුල් කිරිබත්
  96. පැඟිරි කොළ - බුලත් කොළ
  97. පැඟිරියා - පැඟිරියා
  98. පැලපත - වැඩෙන ගොයම
  99. පැල - කමතේ සාදන තාවකාලික මඩුව
  100. පැහැදින් මල්ල - වැඩ නිමවූ පසු කිරි ඉතිර වීමට
  101. පහෙක් රාළ - කමත බලා ගන්නවා
  102. පාවර - වරකට පාගන ගොයම් කොළ ප්‍රමාණය
  103. පොල්මුත්තා - ඇතුල් රවුමේ දෙවන ගවයින්
  104. පිට කමත් කිරීම - ගවයින් පිටතට ගැනීම
  105. පට්ටිරාල - හරක් අයිතිකරු
  106. බොගා (වාඩාව) - සුළඟ
  107. බැත අරුව - පාහින ලද බැත කන්ද
  108. බෝය කිරීම - වී මළු වලට දැමීම
  109. බැත බෙරය - ලාස් පහක ප්‍රමාණය
  110. බුසල - වී මනින පෙට්ටිය
  111. බිස්ස - වී දැමීමට වේවැල් වලින් සහ මැටි යොදා ගෙන සාදන්නකි
  112. බැත ගෙට ගැනීම - වී ගෙදරට ගෙන ඒම
  113. බැට බානවා - කුලී ගෙවීම
  114. බොකු ගෑම - මැස්සන් විනාශ කිරීමට යොදා ගන්නා ක්‍රමයක්
  115. බෝය - ඩිංගයි
  116. බාල - පුංචි
  117. බාන්න - එන්න
  118. බෝය කරනවා - විටක් කනවා
  119. බුම්මැඩිය - වාදන භාණ්ඩයක්
  120. බෝමුරු ඇඳීම - කමත සුද්ද කර ගොම ගෑම
  121. බෝල් තියනවා - කමත අතු ගානවා
  122. බැත වැඩි වීම - ගොයම් මැඩවීමට පෙර අතින් පොඩි කර ලබා ගත් වී කමතේ ඉසීම
  123. බැත රාහි කිරීම - වී පෝරුවෙන් ගොඩ කිරීම
  124. බාන - එකට ගැට ගසන ලද හරක් දෙදෙනෙක්
  125. මල් පාවර කරනවා - කකුලෙන් ගොයම් පාගා පිදුරු ඉවත් කිරීම
  126. මරික්කලය -  වී මැනීමට ගන්නා උපකරණය
  127. මෝල්හන් බෑම - කමතේ දී වී කෙටීම
  128. මුරුත්තෙට්ටුව (මහ බත) - දවල් ආහාරය
  129. මාළු නැති බත් - කිරි බත්
  130. මුලා - කමතේ කටයුතු වල නායකයා
  131. මහප්පිඩ - කමතට ගෙන යන පළමු ගොයම
  132. මී අම්බරුවා - මී හරකා
  133. මුදුනා - ඇතුල් රවුමේ ගමන් කරන ගවයින්
  134. මුදුන් කිරීම - ගවයින් කමතට ගැනීම
  135. යතුරු ගහනවා - වී වල රොඩු ඉවත් කිරීම
  136. යාල්ලනවා - වී මනින මිනිසා
  137. යකුන්දාව - කමතට අළු ගෙනයන භාජනය
  138. යතුරු ගොයියා - කුල්ල
  139. රත්තා - ගින්දර
  140. රත්තා බෝ කිරීම - ගිනි මෙලවීම
  141. රත්තට හදනවා - පිදුරු වලට ගිනි තියනවා
  142. රස් බෝය - හකුරු
  143. රාජාසන වෙනවා (සාන්තු වෙනවා) - කෑම බීම ගන්නවා
  144. රතු ගගුල -  තේ
  145. ලාහ - වී මැනීමට භාවිතා කරන උපකරණයකි
  146. ලාබයි - වී මැනීමේදී අංක 1 වෙනුවට භාවිතා කරයි.
  147. ලියන්නෝ - වේයන්
  148. ලියන්නා - මීයා
  149. වරුව - බැත ගොඩ (වී ගොඩ)
  150. වරුව රාහි කිරීම - බැත ගොඩ ගැසීම
  151. වලහන - ගොයම් වැඩට උදව් වූ අයට කුලිය ලෙස දෙන වී කොටස
  152. වැඩ කරන්න - ගන්න
  153. වක්කඩ - ලියැද්දෙන් ලියද්දට වතුර බැසින විවරය
  154. වප් නියරය - මඩගා සූදානම් කළ නියරය
  155. වී දියේ දානවා - වී පැල වීමට දියේ දැමීම
  156. වැල් ඇඳීම - ආරක්ෂා කල පිරිත් නූලක් ඇදීම
  157. සැහැල්ලු බෝය (අගාවත) - බොල් වී
  158. සීරු - පුළුවන්
  159. සරුවාලය - කෙත් බිමේදී යොදා ගන්නා ඇඳුම
  160. සාත්තු වෙනවා - ගවයින් කමතේ පිදුරු කෑම
Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

12 comments: