පහසුවෙන් පිළියෙල කරගත හැකි රසවත් බිම්මල් කෑම වට්ටෝරු

mashrum curry


මිශ්‍ර බිම්මල් ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය (මෙය 4-6 දෙනෙකු සඳහා ප්‍රමාණවත්)

  • බිම්මල් - ග්‍රෑම් 250
  • ලොකු ළුෑණු - ගෙඩි 01
  • තක්කාලි - ගෙඩි 01
  • තම්බා පොතු ඉවත් කළ කජු මද 25
  • මාගරින් හෝ පොල්තෙල් මේස හැඳි 03
  • මිටි කිරි කෝප්ප 1/2
  • මිරිස් කුඩු මේස හැඳි 01
  • රම්පේ, කරපිංචා, උළුහාල්, කහ කුඩු, තුනපහ සහ ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය
බිම්මල් සහ තක්කාලි හැර ඉතිරි ද්‍රව්‍ය එකට කවලම් කර මද ගින්නේ තම්බා ගන්න. ඉන් පසු සිහින්ව කපාගත් බිම්මල් සහ තක්කාලි මිශ්‍ර කර විනාඩි 10-15 පමණ පිස ගන්න. ඉන් පසු තුන පහ කුඩු එක් කරන්න. මඳ වේලාවකට පසු ආහාරයට ගන්න.


අමු බිම්මල් බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය (මෙය 4-5 දෙනෙකු සඳහා ප්‍රමාණවත්)
  • බිම්මල් - ග්‍රෑම් 250
  • වියළි මිරිස් කුඩු හෝ ගම්මිරිස් කුඩු මේස හැඳි 01
  • මාගරින් හෝ පොල්තෙල් මේස හැඳි 03
  • සියඹලා ස්වල්පයක්
  • රම්පේ, කරපිංචා සහ ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය
බිම්මල් සෝදා අතින් මිරිකා හැකිතාක් ජලය ඉවත් කරන්න. ඉන් පසු බිම්මල් කැබලි වලට කපා සෙසු ද්‍රව්‍ය සමග මිශ්‍රකර රත්වූ තෙලට දමා මඳ ගින්නේ තම්බා ගන්න. බිම්මල් බැදුනු පසු අවශ්‍ය නම් මිටි කිරි කෝප්ප 1/2 පමණ මිශ්‍ර කරන්න.



බිම්මල් මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය (මෙය 3-5 දෙනෙකු සඳහා ප්‍රමාණවත්)

  • අමු බිම්මල් - ග්‍රෑම් 100
  • රතු ළුෑණු - ගෙඩි 03
  • අමු මිරිස් - කරල් 03
  • ගොරක - කෑලි 01
  • සිහින්ව ගා ගත් පොල් - කෝප්ප 01
  • රම්පේ, කරපිංචා, කහ කුඩු සහ ලුණු ස්වල්පයක්
  • වතුර කෝප්ප 1/2
සාදන ක්‍රමය
පොල් හැර ඉතිරි ද්‍රව්‍ය භාජනයකට දමා මද ගින්නේ විනාඩි 2-3 පමණ තම්බා ගන්න. ඉන් පසු සිහින්ව ගා ගත් පොල් මිශ්‍රකර විනාඩි 05 පමණ නැවත තම්බා ගන්න.



බිම්මල් සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය (මෙය 6-8 දෙනෙකු සඳහා ප්‍රමාණවත්)

  • බිම්මල් - ග්‍රෑම් 500
  • තක්කාලි - ගෙඩි 02
  • ලොකු ළුෑණු - ගෙඩි 02
  • උකු පොල් කිරි - මේස හැඳි 02
  • ගම්මිරිස් කුඩු, ලුණු කුඩු සහ දෙහි යුෂ ස්වල්පයක්

සාදන ක්‍රමය
බිම්මල් සෝදා විනාඩි 05 පමණ හුමාලයෙන් තම්බා ගන්න. හුමාලයෙන් තම්බාගත් බිම්මල් අඟලක් පමණ වනසේ කැබලි වලට කපා ගන්න. තක්කාලි සහ ලොකු ළුෑණු පෙති වශයෙන් කපා ගන්න. සලාදයක් පිළියෙල කරන අන්දමට මෙම ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කරන්න.




බිම්මල් සැන්විච්

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බිම්මල් - ග්‍රෑම් 500
  • පාන් පිටි - ග්‍රෑම් 100
  • ලොකු ළුෑණු - ග්‍රෑම් 200
  • තක්කාලි - ග්‍රෑම් 250
  • සලාද කොළ - ග්‍රෑම් 100
  • මාගරින්/බටර් - ග්‍රෑම් 100
  • පාන් - ගෙඩි 01
  • කහ කුඩු, අබ, ගම්මිරිස් සහ ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය
පාන් පිටි වලට ලුණු, කහ සහ ජලය එකතු කර උකු මිශ්‍රණයක් සදා ගන්න. හතු සෝදා කැබලි වලට කපා වැඩි ජලය මිරිකා ඉවත් කරන්න. හතු කැබලි පාන් පිටි මිශ්‍රණයේ තවරා රන්වන් පාට වනතෙක් තෙලෙන් බැදගන්න. අබ, ගම්මිරිස් සහ ලුණු මාගරින් සමඟ මිශ්‍ර කර ගන්න. එම මිශ්‍රණය සිහින්ව කපාගත් පාන් පෙතිවල තවරන්න. පාන් පෙති දෙක අතරට සලාද කොළයක්, බැදගත් බිම්මල්, තක්කාලි සහ ළුෑණු පෙත්ත බැගින් තබන්න.
Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment