බිම්මල් ආහාර බොහෝ දෙනා අතර ජනප්‍රිය ආහාරයක් වී ඇත. ස්වාභාවිකව හටගන්නා සමහර බිම්මල් වර්ග ද වගා කරන බිම්මල් ද අහාරයට යොදා ගනී. නමුත් ස්වාභාවිකව වැඩෙන සමහර බිම්මල් වර්ග ආහාරයට සුදුසු නැත. බිම්මල් ආහාරයට ගැනීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න. පහත සඳහන් ලක්ෂණ සහිත බිම්මල් ආහාරයට ගැනීමෙන් වලකින්න.
- කෘමි සතුන් ආකර්ශණය නොවන බිම්මල් වර්ග
- තද වර්ණයක් හෝ සුවඳක් ඇති බිම්මල් වර්ග
- සැක සහිත බිම්මල් වර්ග
විෂ සහිත බව පරීක්ෂා කල හැකි ක්‍රම
- ළුෑණු කැබලි සමග තැම්බූ විට ළුෑණු කැබලි දම් පැහැ වේ නම් එම බිම්මල් ආහාරයට නුසුදුසුයි.
- බිම්මල් කැබලි රිදී හැන්දක් සමග ස්පර්ශ වන සේ තැබූ විට කළු පැහැ වේ නම් එම බිම්මල් ආහාරයට නුසුදුසුයි.
අහාරයට ගන්නා තෙක් බිම්මල් ගුණාත්මක බව හානි නොවන ලෙස කල්තබා ගත යුතුය.
- නෙලා ගත් බිම්මල් සිසිල් ස්ථානයක තැබීමෙන් පැය 10-12 පමණ හොඳ තත්වයේ තබා ගත හැකිය.
- සිදුරු සහිත පොලිතීන් මළුවල අසුරා ශීතකරණයක තැබීමෙන් දින 2-3 පමණ කාලයක් තබා ගත හැකිය.
- සති 4 පමණ තබා ගැනීමට, පළමුව උතුරන ජලයේ විනාඩි 3 පමණ බිම්මල් ගිල්වා තබන්න. ඉන් පසු පොලිතීන් මළුවල අසුරා අධි ශීතකරණයක ගබඩා කරන්න.බිම්මල් වියළා ගැනීමෙන් වසරක් පමණ කාලයක් කල් තබා ගත හැකිය. මේ සඳහා බිම්මල් හොඳින් සෝදා සිහින් තීරුවලට ඉරා විනාඩි 3 පමණ වාෂ්පයෙන් තම්බා ගන්න.ඉන්පසු බිම්මල් කැබලි හොඳින් අව්වේ වියළා පොලිප්‍රොපිලින් කවරවල අසුරන්න. වියළි බිම්මල් යොදා ආහාර සැකසීමේදී තද බව නැති කිරීමට මද වේලාවක් ජලයේ පොඟවා ගන්න.
0 comments:
Post a Comment