කිරිඳි ඇල්ල

කිරිඳි ඇල්ල (Kirindhi Ella), Sri Lanka


ශ්‍රී ලංකාවේ දිය ඇලි අතරින් උසින් හත්වන ස්ථානය හිමි වන්නේ කිරිඳි ඇල්ලටයි. රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුට්ටාපිටිය ප්‍රදේශයේ ඇල්ල පිහිටා ඇත. මීටර්  940 උස කුට්ටාපිටිය කන්දෙන් ඇරඹෙන කිරිඳි ඇල මගින් කිරිඳි ඇල්ල නිමාණය වේ. ඇල්ලේ උස මීටර් 116 කි.

ඇල්ල නැරඹීමට සුන්දර වනපෙත මැදින් ගමන් කිරීමේදී ස්වභාව සෞන්දර්යයේ චමත්කාරය විඳගැනීමට ඔබට අවස්ථාව ලැබේ. ඇල්ල ආශ්‍රිතව ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂ කිහිපයක් ද වල් ඌරා, රිලවා, මීමින්නා, ඕලු මුවා සහ ඉත්තෑවා වැනි සත්ව විශේෂ ද නයා, පොළඟා, පිඹුරා, කුණකටුවා සහ ඇහැටුල්ලා වැනි උරගයින්ද ගොරකා, අරළු, මුගුණ, ගිරිතල්ල, වෙනිවැල්ගැට, වෙලන්, හොර, කැකුණ, වෙලන්, දුම්මැල්ල අදී ශාක විශේෂ රැසක්ද දක්නට හැකිය.

කිරිඳි ඇල්ල (Kirindhi Ella), Sri Lanka

Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment