මොනවද මේ සෙවුම් යන්ත්‍ර (Search engines)

Search Engines


Search engines කිව්වම කවුරුත් දන්නවනෙ. Google, Yahoo, Bing, Ask (Jeeves), Baidu, Yandex, Lycos, Metacrawler, Entireweb and DuckDuckGo. වගේ ගොඩක් තියනවා. අපිට ඕන දේ type කරල search කරපු ගමන් ඉතාමත් කෙටි කාලයක් තුල වෙබ් පිටු නාමාවලියක් ලැබෙනවා. සෙවුම් යන්ත්‍ර වල සාමන්‍ය ක්‍රියාකාරීත්වය පහල විස්තරයෙන් බලා ගන්න පුලුවන්.

අන්තර්ජාලය තුල ඇති වෙබ් පිටු ගණන විශාල ප්‍රමාණයකි. මෙම වෙබ් පිටු වලට ප්‍රවේශ වීමට නම් එම වෙබ් පිටු වල ලිපිනයන් (url) මතක තබා ගත යුතුය. එසේ වෙබ් පිටු විශාල ප්‍රමාණයක් මතක තබා ගැනීම කල නොහැකිය. එම නිසා අන්තර්ජාලයේ තිබෙන වෙබ් පිටු සොයා එවා ලැයිස්තුගත කර අන්තර්ජාල පරිශීලකයන්ගේ අවශ්‍යතාවය මත වෙබ් පිටු වල නාමාවලියක් ලබා දෙන වෙබ් අඩවි වලට සෙවුම් යන්ත්‍ර (Search engines) යැයි කියනු ලැබේ.

දිනපතා අන්තර්ජාලයට එක් කරන වෙබ් පිටු සොයා ඒවා තම දත්ත සමුදාය තුළ ලැයිස්තුගත කර ගැනීම සියළුම සෙවුම් යන්ත්‍ර සිදු කරයි. මෙම ලැයිස්තුගත කර ගැනීමේ ක්‍රියාවලිය Web crawling ලෙස හඳුන්වයි. Spider, Web crawler, Bot, Web robot යන නම් වලින් හඳුන්වන විශේෂ මෘදුකාංගයක් භාවිතයෙන් search engines මෙම කාර්ය සිදු කරයි. ලැයිස්තුගත කරගත් දත්ත විවිද සාධක සලකා බලා ප්‍රමුඛතා අනුපිළිවෙලකට සකස් කිරීම ඉතා සංකීර්ණ සෙවුම් ඇල්ගොරිතමයක් භාවිතයෙන් ස්වයංක්‍රීයව සිදු කරයි.
Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment