ග්‍රැපික්(Graphic) නිර්මාණයට පෙර

ග්‍රැපික් නිර්මාණ ක්ෂේත්‍රයේ දී පරිගණකය තුල ආකාර දෙකකින් චිත්‍ර නිර්මාණය කල හැකිය. නොඑසේ නම් සංඛ්‍යාංක රූප සටහන් (Digital Images) ගොඩ නැගීමේ ආකාර දෙකක් ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.  එවා නම් Raster සහ Vector යනුවෙනි. Pixel (පික්සල්) ලෙස හඳුන්වන කුඩා කොටු රාශියක් එකතු වීමෙන් සෑදෙන රූප Raster ලෙස හඳුන්වයි. සංඛ්‍යාත්මක පදනමක් සහිත වස්තූන් එකතුවෙන් නිර්මාණය වන රූප Vector ලෙස හඳුන්වයි.

Raster - Pixel (පික්සල්) ලෙස හඳුන්වන කුඩා කොටු රාශියක් එකතු වීමෙන් සෑදෙන රූප Raster ලෙස හඳුන්වයි. Pixel එකක ප්‍රමාණය කුඩාවත්ම එම රූප වල ගුණාත්මකභාවය සහ ධාරිතාව වැඩිවේ. Digital කැමරා ඡායාරූප, Photoshop මෘදුකාංගයෙන් සාදන රූප Raster Images නිර්මාණය වන අවස්ථාවන්ය.

Vector - සංඛ්‍යාත්මක පදනමක් සහිත වස්තූන් එකතුවෙන් නිර්මාණය වන රූප Vector ලෙස හඳුන්වයි. රේඛා, බහුඅස්‍ර, හැඩතල එකතුවෙන් මෙම නිර්මාණ සිදු කරනු ලබයි. නිර්මාණකරුගේ සිතැඟි පරිදි මෙවලම් භාවිතා කර චිත්‍ර නිර්මාණය කල හැකියි. Corel Draw, Adobe Illustrator මෘදුකාංග වලින් සාදන රූප Vector Images නිර්මාණය වන අවස්ථාවන්ය.

Raster සහ Vector අතර වෙනස හඳුනා ගන්න පහත වීඩියෝව බලන්න.


පරිගණකයේ ආකාර දෙකක වර්ණ ආකෘති දැකිය හැකිය.
CMYK - මෙහිදී ප්‍රධාන වර්ණ හතරක සංයෝජනයෙන් වර්ණ සෑදේ. මුද්‍රණ ක්ෂේත්‍රයේ බහුලව භාවිතා වන්නේ මෙම වර්ණ ආකෘතියයි.
CMYK
RGB - මෙහිදී ප්‍රධාන වර්ණ තුනක සංයෝජනයෙන් වර්ණ සෑදේ. ඡායාරූප මුද්‍රණයේ දී භාවිතා වන්නේ මෙම වර්ණ ආකෘතියයි.
RGB
පරිගණකයේ ප්‍රධාන ආකාර හතරක අක්ෂර රටා දැකිය හැකිය.
Serif

SerifSerif

Sans Serif

Sans SerifSans Serif

Decorative

Decorative
Decorative

Symbol

Symbol
Symbol
Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment