රථ වාහන ධාවනයේදී ඇතිවන හදිසි අවස්ථා සහ එවැනි අවස්ථා වලදී කටයුතු කරන ආකාරය

Over Heat, dannodaniti
රථ වාහන ධාවනයේදී විවිධ ආකාර වූ හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට ඔබට සිදු වනු ඇත. එවැනි අවස්ථා සහ එවැනි අවස්ථා වලදී කටයුතු කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා තිබීම මගින් එවැනි අවස්ථා වලදී සිදුවන අනතුරු අවම කර ගත හැකිය. එසේ සිදු විය හැකි හදිසි අවස්ථා කිහිපයක් සහ ඒවායේ දී කටයුතු කරන ආකාරය පහත දක්වා ඇත.
  • ටයරයක හුළං එක්වර බැසයාම හෝ ටයරයක් පිපිරීයාම.
ටයරයක හුළං එක්වර බැසයාම හෝ ටයරයක් පිපිරීයාම එහි ශබ්දයෙන් හෝ සුක්කානම හැසිරවීම අපහසු වීමෙන් හඳුනාගත හැකිය. එවන් අවස්ථාවකදී සුක්කානම හැසිරවීම දුෂ්කර වන අතර වාහනය පැත්තකට ඇදී යාම හෝ එක් පැත්තකට කැපී යාම සිදු වේ. මෙය වළක්වා ගැනීමට සුක්කානම තදින් අල්ලා ගන්න. වාහනය ඇදී යන පසට විරුද්ධ පසට සුක්කානම හරවා වාහනය කෙලින් තබා ගැනීමට උත්සහ කරන්න. (අනවශ්‍ය ලෙස සුක්කානම හැරවීමෙන් වළකින්න.) ඇක්ස්ලරේටරයෙන් සහ ක්ලච් එකෙන් පා ඉවතට ගන්න. සෙමෙන් බ්‍රේක් පාගමින් වාහනයේ වේගය අඩු කර මාර්ගයෙන් ඉවතට ගන්න. රෝදය මාරු කරගන්න.
  • රෝදයක් බුරුල් වීම.
රෝදයක් බුරුල් වූ විට රෝදයෙන් ශබ්දයක් ඇතිවේ. සුක්කානම හැසිරවීම අපහසු වේ. මෙය වළක්වා ගැනීමට සුක්කානම තදින් අල්ලා ගන්න. සෙමෙන් බ්‍රේක් පාගමින් වාහනයේ වේගය අඩු කර මාර්ගයෙන් ඉවතට ගන්න. රෝද නට් තද කරන්න. වෙනත් දෝෂයක් නම් කාර්මිකයෙකුගේ සහය ලබා ගන්න.
  • බ්‍රේක් නොමැතිව යාම.
බ්‍රේක් නොමැතිව ගිය විට මාර්ගයේ ගමන් කරන අනෙක් අයගේ අවධානය යොමු කිරීමට අපදා හඟවන ලාම්පු, ප්‍රධාන ලාම්පු දල්වන්න. නළාව ශබ්ද කරන්න. බ්‍රේක් පැඩලය උඩට පහලට කරන්න. සෙමෙන් හෑන්ඩ් බ්‍රේක් අදින්න. පහල ගියරයකට ගියරය මාරු කරන්න. එන්ජිම නවත්වන්න. වාහනය නවත්වා ගැනීමට නොහැකි නම් විශාල අනතුරු සිදු වීම වළක්වා ගැනීමට පාර අයිනේ ඇති ආරක්ෂක වැටක, බිත්තියක වාහනය පැත්තෙන් හප්පන්න.
  • එන්ජිම අධික ලෙස රත් වීම.
එන්ජිම අධික ලෙස රත් වූ විට උෂ්ණත්වය පෙන්වන මීටරයේ කටුව ඉහළ යයි. රේඩියේටරයේ ෆෑන් බෙල්ට් එක කැඩී යාම, තර්මෝස්ටැට් වෑල් ක්‍රියා විරහිත වීම, රේඩියේටර් හෝස් පලුදු වීම, රේඩියේටරය පලුදු වීම, රේඩියේටරය මල බැඳී අවහිර වීම, තිරිංග සිරවීම අදී වූ කරුණු සහ තවත් කරුණු නිසා එන්ජිම අධික ලෙස රත් විය හැකිය. වාහනය පරේ අයිනකට කර නවත්වන්න. රේඩියේටරයේ පියන එකවර විවෘත නොකරන්න. අධික ලෙස රත් වූ ජල වාෂ්ප පිටතට පැමිණීමෙන් ඔබ පිළිසීමට ඉඩ ඇත. එන්ජිම නිවෙන තෙක් සිට රේඩියේටරයේ පියන විවෘත කර වතුර පුරවන්න. ගරාජයකට ගොස් එන්ජිම පරික්ෂා කර ගන්න.
  • ප්‍රධාන ලාම්පු නොදැල්වීම.
ප්‍රධාන ලාම්පු නොදැල්වී ගිය විට අනෙකුත් ලාම්පු (පාර්කින් ලයිට්) දල්වන්න උත්සහ කර බලන්න.. ප්‍රවේසමෙන් මාර්ගයෙන් ඉවතට ගන්න. ඔබට ප්‍රධාන ලාම්පු නැවත සකස් කර ගත නොහැකි නම් කාර්මිකයෙකුගේ සහය ලබා ගන්න.
  • ඇක්සලේටරය සිරවීම.
ධාවනය වෙමින් තිබිය දී ඇක්සලේටරය සැකසීමට නොයන්න. මාර්ගය ට ඔබේ අවධානය නොමැති වී අනතුරු සිදු විය හැකියි. ගියරය නුයුට්‍රල් කර හෝ ක්ලච් එක පාගා වාහනය පරෙන් ඉවත් කර නවත්වන්න. එන්ජිම නතර කරන්න. ඇක්සලේටරය සිරවීම සකස් කිරීමට උත්සහ කරන්න. ඔබට සකස් කර ගත නොහැකි නම් කාර්මිකයෙකුගේ සහය ලබා ගන්න.
  • ඉදිරිපස වීදුරුව බිඳී ගිය විට.
ඉදිරි පස වීදුරුවට යමක් වැදීමෙන් බිඳී යා හැකිය. බුරුල් වූ ගල් සහිත මාර්ග වල ගමන් කිරීමේදී ඔබට ඉදිරියෙන් යන වාහනයට වැඩි පරතරයක් සිටින සේ ධාවනය කරන්න. මාර්ගයෙන් ඉවත් කර වාහනය නවත්වන්න. කැඩුණු වීදුරු කැබලි ඉවත් කරන්න. සෙමෙන් ධාවනය කරන්න. ඉදිරිපස වීදුරුව රහිතව ධාවනය වරදකි.
  • සුක්කානමේ දෝෂ.
සුක්කානම සහ රෝද අතර සම්බන්ධතාව නැති වුවහොත් අපදා හඟවන ලාම්පු, ප්‍රධාන ලාම්පු දල්වන්න. ඇක්සලරේටරයෙන් පාද බුරුල් කරන්න. එක්වර තිරිංග යෙදීමට නොයන්න. වේගය අඩුවන විට සෙමෙන් තිරිංග යොදා වාහනය නවත්වා ගන්න උත්සහ කරන්න.
  • ගින්නක් ඇති වූ විට
වාහනය තුළ ගින්නක් ඇති වූ විට වාහනය මර්ගයෙන් ඉවත් කරන්න. එන්ජිම නවත්වන්න. ගින්න නිවා දැමිය හැකි දැයි බලන්න. බොහෝ බස් රථ තුල ගිනි නිවන උපකරණ ඇති නිසා බස් රථයක් නවත්වා ගන්න. නැතිනම් ගිනි නිවන හමුදාවේ සහය පතන්න. ගින්න පාලනය කල නොහැකි නම් පෙට්‍රල් ටැංකිය පිපිරීමට පෙර වාහනයෙන් මීටර් 50 වත් ඈතට ඉවත් වන්න.
Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment