පෙරවදනක් - සනුක

පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා
අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා
තවත් තියනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා
පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් බවේ පින මදි හින්දා
බලා හිඳිමි මතු බවයක හෝ
පසුවදන ලියන්නට එතැයි කියා
පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා....

ගායනය - සනුක වික්‍රමසිංහ
ගීත රචනය - උමා අසෙනි


Perawadanak song lyrics 
Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment