පරාජය ජයග්‍රහණයක් කල දිරිය මිනසා

1994 ජපානයේ ටෝකියෝ Olympic උළෙලට ලංකාව නියෝජනය කරමින් මීටර් 5000, 10000 තරඟ වලට රණතුංග කරුණානන්ද නම් වූ ක්‍රීඩකයා සහභාගී විය. පළමුව පැවති මීටර් 5000 තරඟයෙන් කරුණානන්දට හිමි වූයේ පනස් දෙනෙකුගෙන් හතලිස් හත්වන ස්ථානයයි.එම තරඟය ඔහුගේ ශාරීරික යෝග්‍යතාවයට දැඩිව බලපෑවේය. ධාවනයට නුසුදුසු තත්වයේ සිටි කරුණානන්ද මීටර් 10000 තරඟයෙන් ඉවත් වීමට තීරණය කල නමුත් ලංකාවේ සිටි තම දියණියගේ ඉල්ලීම මත ඔහු තරඟයට සහභාගී විය.

මීටර් 10000 තරඟය සඳහා සහභාගී වූ අනෙකුත් උපරිම ධාවන මට්ටමේ සිටි ධාවකයන් කරුණානන්දට වඩා වට 4ක් පමණ ඉදිරියෙන් තරඟය නිම කලහ.නරඹන්නන් වට කිහිපයක් පසු පසින් හුදකලාව තරඟ කරන කරුණානන්දට උසුළු විසුළු කරන්නට පටන් ගත්හ.ඒ අතරින් බොහෝ අය අපේක්ෂා කලේ කරුණානන්ද අතරමගදී තරඟය නතර කරාවී යන්නයි.

2 වටය ඔහු දිව යද්දී නරඹන්නන් නිහඬ වන්නට විය. 3 වටය ඔහු දිව යද්දී නිහඬතාවය ප්‍රීතිඝෝෂාවක් විය. 4 වටය ඔහු දිව යද්දී ක්‍රීඩා ලෝලීහු ඔහුට අසුනින් නැගිට ආචාර කරන්නට විය.ජයග්‍රහණයට වඩා සහභාගීත්වයේ අගය ප්‍රදර්ශනය කල ඔහුගේ ක්‍රීඩා රටාව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ හදවත සොරා ගන්නට සමත් විය.

මෙම ධෛර්යමත් සිදුවීම ජපන් දරුවන් දිරිමත් කිරීම සඳහා ජපන් පාසල් පෙළපොතට ඇතුලත් කර ඇත.ජපානය විසින් ඔහුට රැකියාවක්ද පිරිනමා ඇත.එහෙත් රැකියාව සඳහා පිටත්වීමට දින කිහිපයකට පෙර ඔහු සිය ජීවන චාරිකාව නිම කළහ.

Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment