"දුකම කොයි තරම් සතුටක් දෝ" ජීවිතේ දුක දැනුනු හැම මොහොතකම කාටවත් ගහබැන ගන්නෙ නෑ. මම හිතන්නේ හුඟ දෙනෙක් ගීතයක් රස විඳිනවා. සංගීත කාණ්ඩයක් රස විඳිනවා. එය දරා ගන්නට පුලුවන්. මේ ගීතය රචනා කල රචකයත් මේ ගීතය ලියන්න හේතු වෙන වචන ටික තමයි දුකම කොයි තරම් සතුටක් දෝ. ජීවිතේ ගමනක් යනවා කෝච්චියක. යනකොට හදිස්සියේ මග නතර වෙනවා. අපේ හුඟ දෙනෙක් යමක් උනාම ටක්ගාලා බැහැලා ගිහින් බලනවා මොන අනතුරක් උනත් මොකද වෙන්නෙ කියලා. කරදරයක් වෙන අයත් ඉන්නවා. විදගන්න අයත් ඉන්නවා. දරාගන්න අයත් ඉන්නවා. දරාගන්න බැරි අයත් ඉන්නවා. කෝච්චිය නතර වුණාම ඔවුන් බැහැලා යනවා මොකද වුණේ බලන්න. බැහැලා යන්නෙ නම් දඩබඩගාලා හරි ඉක්මනට මොකද උනේ හොයන්න. බලලා එන අය බැහැපු මූණු නෙවෙයි ආපහු එන්නෙ. කෝච්චිය නතර උනා ආපහු යනවා. කෝච්චිය පීලි දෙක උඩ ගමන් කරනවා. ජීවිතේ සංසාරෙත් එහෙම තමයි. කෝකටත් බයයි දාලා යයි කියලා. වෙච්ච අනතුර කෝක උනත් දඩබඩ ගාලා දුවලා ඇවිත් නගිනවා.යන්න ඕන ගමන යන්න ඕන නිසා. බැහැපු මූණු නෙවෙයි ආපහු එන්නෙ. අහනවා රචකයා "මොකද වෙලා තියෙන්නෙ". "අයියෝ කාලකණ්ණි. අය අපරාදෙ ජීවිත" වෙච්ච සිද්ධිය කියනවා. දෙදෙනෙක් අධිෂ්ඨාන කරනවා අපි ජීවිතෙ එකට මැරෙමු. හැබයි ඒ අධිෂ්ඨානෙ යට අර්තය තමයි අපි එකට මැරෙමු. සතුටක් ඒ සතුට හොයාගෙන තමයි මේ මහා දැවැන්ත යකඩ කදට පනින්නෙ මේ දෙන්නා එකට මැරිලා ඉන්නෙ. මොකද වෙලා තියෙන්නෙ දෙදෙනෙක් එකට අත්වැල් අල්ලන් පැනලා මැරිලා. හැබැයි රචකයා දකින්නෙ දුකම කොයි තරම් සතුටක්දෝ. ඔවුන් දන්නවා මේ මහ දැවැන්ත කද මගේ ශරීරයට වැටුනම අපට වේදනාව දැනෙනවා අපි මැරෙනවා කියලා. නමුත් ඔවුන්ගෙ සතුට තමයි එකට මියදීම ප්‍රාර්ථනාව තමයි. ඒ ප්‍රාර්ථනාව වජිර මහකණුමුල්ලේ රචකයා මේක රචනා කරන්නෙ ඒ හරහා " දුකම කොයි තරම් සතුටක් දෝ "
සේනානායක වෙරලියද්ද - Dell Studio
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර උනේ
මලක් වගේ රොන් සුවද වගේ
ජිවිතයේ සුව අපමණ වේ ...//
දොලක් වගේ දිය දෝත වගේ
ජිවිතයේ අම සිසිල දැනේ
පෙරුම් පුරාගෙන ආ සංසාරේ...
වරක් නෙතග කදුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක්‌විදෝ ...//
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්‌දෝ
පෙරුම් පුරාගෙන ආ සංසාරේ...
ගායනය - සේනානායක වෙරලියද්ද
ගීත රචනය - පූජ්‍ය මහකණුමුල්ලේ වජිර හිමි
සංගීත නිර්මාණය - සේනානායක වෙරලියද්ද
0 comments:
Post a Comment