වහින්නට හැකිනම් ගිගුම් දී ....

වහින්නට හැකිනම් ගිගුම් දී ...


වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහලින් ...
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැළක රහසින් ...

රැදෙන්නට හැකිනම් ළමාකැළ
හඬන දෙතොලග සිනාවක් වී ...
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගතහැකි වන මලක් වී ...

නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබෑ වන සුබ සිහිනයක් වී ...
ගැයෙන්නට හැකි නම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී ...


ගායනය - නන්දා මාලනී
ගීත රචනය - සුනිල් ආරියරත්න
සංගීත නිර්මාණය  - සුනිල් දයානන්ද කෝනාර

Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment