USB Pen එකෙන් Windows Install කරමුද?

how to install windows in usb flash drive


ඔබ සතු windows cd එක usb pen drive එකට copy කර දැමීමෙන් මෙය සිදු කල නොහැකිය. මේ සඳහා ඔබේ pen drive එක bootable ආකාරයට සකස් කල යුතුය. pen drive එකේ ධාරිතාව ඔබ සතු windows file එකේ ධාරිතාව හෝ ඊට වැඩි විය යුතුය. pen එකේ දැනට ඇති දත්ත සියල්ල මෙහිදී ඉවත් වේ. ඔබේ pen drive එක bootable ආකාරයට සාදා ගැනීමට පහත දක්වා ඇති ක්‍රමය අනුගමනය කරන්න.


  1. USB flash drive එක පරිගණකයට සම්බන්ධ කරන්න.
  2. Elevated Command Prompt එක විවෘත කර ගන්න. ඒ සඳහා Start click කර Search box එක තුල cmd ලෙස type කරන්න. cmd මත click කර Command Prompt එක open කරගන්න.
  3. diskpart යනුවෙන් type කරන්න. (type කල විධානය ක්‍රියාත්මක කිරීමට Enter key එක press කරන්න)
  4. list disk
  5. select disk 1 (1 වෙනුවට ඔබේ pen drive එකට අදාල disk no එක දෙන්න.)
  6. clean 
  7. create partition primary
  8. format fs=fat32 quick
  9. active
  10. assign
  11. list volume
  12. exit
දැන් ඔබ සතු Windows file එකේ අන්තර්ගතය pen එකට copy කරන්න. (iso file එකක් ලෙස ඇත්නම් එය mount කර අන්තර්ගතය pen එකට copy කරන්න)

ISO file එක read කිරීමට Daemon Tools, WinRAR, 7 zip වැනි මෘදුකාංග භාවිතා කල හැකිය.


Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment