ඔබ නොදන්නා තවත් බෝවන රෝගයක්

මව්කුසින් බිහිවන කුඩා ළදරුවා මේ පරිසරයට හුරු වනවාත් සමග පරිසරයේ පවතින ක්ෂුද්‍ර ජීවීන් දරුවා ආක්‍රමණය කරයි. හිතකර ක්ෂුද්‍ර ජීවීන් බහුතරයක් අතරේ ලෙඩ රෝග සෑදීමට මූලික වන බැක්ටීරියා වර්ගද දරුවාට හඳුන්වා දීම අප අතින් සිදුවන අතපසු වීමකි. එනම් නිරෝගීව උපදින දරුවා දිගටම නිරෝගී වීමට රැක බලා ගත යුතුය. ඒ අතර මුඛ සෞඛ්‍ය ආරක්ෂා කිරීමද කළ යුතුය.

                                 දරුවෙකුගේ මුඛයේ බැක්ටීරියා ස්වාභාවිකවම ඝනාවාස සාදා ගැනීමක් වන අතර ඉන් අහිතකර ප්‍රතිඵල නොලැබේ. නමුත් දත් දිරායාමේ බැක්ටීරියාව අලුත් දරුවකුගේ මුඛයේ මුලින්ම ඝනාවාස සාදාගතහොත් දරුවාට මාස 06 ක් පමණ වන විට මතුවන මුල්ම කිරි දත් දිරා යමට අවස්ථාවක් තිබේ. දත් දිරායාමට එම බැක්ටීරියාවන් පමණක් හේතු නොවන අතර සීනි, දතේ ව්‍යුහය සහ කාලයද බලපායි. දිරා ගිය දත් ඇති අයෙකු පරිහරණය කරන හැඳි, පිඟන්, කෝප්ප ආදිය අලුත උපන් දරුවාට භාවිතයෙන් එම බැක්ටීරියාව බෝ විය හැකිය. එසේම දරුවාට දත්දිරා ගිය අයෙකු හා හවුලේ කැවීමෙන්ද කෙල සමග බැක්ටීරියාව බෝ විය හැකිය.එම නිසා අලුත උපන් දරුවාට වෙනම හැඳි, පිඟන්, කෝප්ප  භාවිතා කල යුතු අතර ඒවා හොඳින් පිරිසිදු කර ගත යුතුය.

                                                                                                  පලමු දත මතු වූ දින සිටම උදේ සහ රාත්‍රී දත් මැදීම සිදු කල යුතුය. දත් බුරුසුවක් භාවිතා කල හැකි ලෙස දත් මතුවන තුරු රෙදි කැබැල්ලකින් හෝ මැදීම සිදු කල යුතුය. පලමු දත් දෙක හොඳින් මතු වූ දින සිට ළමා දත් බුරුසුවක් භාවිතා කරන්න. කෙල ගැසීමට හැකි වයස වන විට දන්තාලේප වලට හුරු කරන්න. එහිදී ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප තුනී පටලයක් දත් බුරුසුවේ කෙඳි මත ආලේප කර දතේ සෑම පැත්තක්ම මදින්න. පැණි රස ආහාර හඳුන්වා දීම පමා කරන්න. ස්වාභාවික එළවළු හා පලතුරු කෑමට හුරු කරන්න. පැණි රස ආහාර දීමේ දී එය ප්‍රධාන ආහාර වේලට පසුව ලබා දී කට සේදීමට හෝ ජලය පානය කිරීමට හුරු කරන්න. එවිට දත් දිරා යාම බෝවීම වළක්වා ගත හැකිය.
Share on Google Plus

About dannodaniti

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment